ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කල්දැමීමට රජයට අවශ්‍ය නෑ- අමාත්‍ය ෆයිසර් මුස්තාපා

    අගෝස්තු 24, 2017

    මැතිවරණය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත්  රජය මැතිවරණ කල්දමා නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගනිමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.


    පනත් කෙටුම්පතේ තාක්ෂණික සංශෝධ තිබෙනවා. මැතිවර්ණ කොමසාරිස් සංශෝධන  ඉදිරිපත් කර තිබුණා. යම් මන්ත්‍රීවරයකුට පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් නිලධරීන්ගෙන් පැහැදිළි කිරීම කරගන්න පුළුවන්. මම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනවා.

    මැතිවරණය කල්දැමීමට අවශ්‍ය නෑ. මේ රජය මැතිවරණ කල්දමා නෑ.ප්‍රාදේශීය  දේශපාලන නායකත්වය සමඟත් සාකච්ඡා කළා. මාස හයක කාලයක සියලු දේශපාලන පක්ෂ සමඟ සකච්ඡා කළා යැයි ද අමාත්‍යවරය පවසී ය.

    පිළිතුරු කතාව විවාදය අවසානයේ අමාත්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya