ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා නියෝජනය 25%ක් කරමින් ඉතිහාසයේ වූ වරද නිවැරැදි කළා

    අගෝස්තු 24, 2017

    කාන්තා නියෝජනය 25%ක් කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් හරහා  ඉතිහාසයේ වූ නිවැරැදි කිරීමට ජාතික ආණ්ඩුව කටයුතු කළ බව  නගර සැලසුම් හා ජාල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින්   පාර්ලිමේන්තුවේ දී  රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ පැවසී ය.


    අද ජාතික රජය යටතේ කාන්තා නියෝජනය පළාත් පාලන මට්ටමේ සියයට 25%ක් අනිවාර්යය කිරීම පිළිබඳ අප සතුටු වෙනවා. කාන්තාවන්ට වූ අසාධරණය යම් කිසි ලෙසකින් නිවැරැදි වීමක් සිදු වුණා. ජනතාව දැනුවත් කරලා, රාජකාරි කරන්නේ කාන්තාවයි. කාන්තා දේශපාලනයේ ඉතිහාසයේ වූ වරද නිවැරැදි කළේ ජාතික ආණ්ඩුවයි.

    ආණ්ඩුකරණයේ දී කාන්තා නියෝජනය ඉතාම අඩුයි.සියයට 5.8% පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තිබෙන්නේ. බොහෝ රටවල් කාන්තාවන්ට දේශපාලනයට එන්න දොර විවෘත කරලා තිබෙනවා.  කාන්තාවන්ට නායකත්වය තීන්දු තීරණ ගනීමේ හැකියාව තිබෙනවා. කාන්තා නියෝජනය 25%ක් කරගන්න හැකියාව තිබුණා. මේ රජයේ වෙනස එයයි යැයි ද අමාත්‍යවරිය පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya