ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ඡන්දය අද

    අගෝස්තු 25, 2017

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද (25) පෙරවරුවේ සිදුකෙරේ.

    2012  අංක 22 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන  පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    පනත් කෙටුම්පත  දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24) දවස පුරා සිදුකළ අතර පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය යුතු බවට සියලු දෙනා අවධාරණය කළහ.

    පනත් කෙටුම්පතට සංශෝධන 27ක් ඇතුළත් කර ඇති අතර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ හා කණ්ඩායම් සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමද සිදුකර ඇතිබව ඊයේ (24) විවාදයයේදි අනාවරණය විය.

    සමානුපාතික කොට්ඨාශ ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස ඡන්දය පැවැත්වීම මෙම පනත මඟින් තහවුරු කරන අතර මෙම නව ඡන්ද ක්‍රමය සියළුම මැතිවරණ සඳහා භාවිත කිරිමට රජයේ බලාපොරොත්තුව වේ.

    මැතිවරණ කොමිසම මඟින් පනත සඳහා ඉදිරිපත් කරන සංශෝධන 55 ක් හා පළාත් පාලන සීමා නීර්ණ කටයුතු සඳහා කාලය ගැනීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්යාම සිදුවූ බවත් පනත සම්බන්ධ විවාදයට එක් වෙමින් විෂය භාර ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya