ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලොව දෙවන උසම කදු මුදුන තරණය කරන, ලාංකීය සිසුදරුවන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    අගෝස්තු 30, 2017
    ලොව දෙවන උසම කන්ද ලෙසින් සැලකෙන K2 කදු සිරස තරණය කිරීමට සහභාගි වන මහනුවර ධර්මරාජ විදුහල් බාලදක්ෂ කණ්ඩායම වෙත මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.
     
    එමෙන්ම K2 කන්ද තරණය කිරීමෙන් පසු කදු සිරසේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා ධජයක් ද බාලදක්ෂ කණ්ඩායම වෙත පිරිනැමුණු අතර බාල දක්ෂ කණ්ඩායමේ සිසුන් සමග සමූහ ඡායාරූපයකට ද ජනාධිපතිතුමා එක්විය.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය කොමසාරිස් ජේ. ප්‍රනාන්දු මහත්වරුන් ඇතුඑ මහනුවර ධර්මරාජ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ජගත් කරුණාරත්න සහ බාලදක්ෂ කණ්ඩායම් භාර ආචාර්ය අනිල් පෙරේරා මහත්වරුන් ද එක්වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya