ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන සාර්ථකයි - ජනපති

    සැප්තැම්බර් 05, 2017
    කවුරුන් කෙසේ කීව ද සම්මුතිවාදී ආණ්ඩුවේ පසුගිය වසර දෙක හමාරක ගමන් මග සාර්ථක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    මෙරට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණින් මීට වසර දෙක හමාරකට පෙර ප‍්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම “V2025” එළිදැක්වීම ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගමින් මීට පෙර කිසිවෙකු නොදුටු අලූත් දේශපාලන අත්දැකීමක් රටට ලබාදුන්නේ රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
     
    සම්මුතිවාදී ආණ්ඩුවේ ගමනට කෙතරම් විවේචන, විරෝධතා සහ චෝදනා එල්ලවුව ද, එම ගමන්මග අභියෝගාත්මක වුවද, රටත් ජනතාවත් වෙනුවෙන් අනිවාර්යෙන් ඉටුකළයුතු කාර්යයක් බව ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    වසර 60 කට වැඩි කාලයක් විරසකව සිටි රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්කරමින් ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රතිඵල ඉතා කෙටි කලකින් සියයට සීයයක් සාර්ථක කර ගත නොහැකි වුවත් විනයෙන් සහ හික්මීමෙන් යුතුව කටයුතු කරමින් එම අභියෝගාත්මක වගකීම ඉටුකිරීමට පසුගිය වසර දෙක හමාර තුළ සියලුදෙනාට හැකි වූ බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.
     
    ඉදිරියට ද සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන මනා අවබෝධයකින් යුතුව ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයමින් රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වගකීම නොපිරිහෙළා ඉටු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya