ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ කොන්ත්‍රාත් ගුරුවරු 167ක් ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු සේවයට

    සැප්තැම්බර් 06, 2017

    උතුරු පළාතේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ ගුරුවරු 176ක් ඉදිරියේ දී  ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහනය වීමට නියමිත බවත් කිසිදු ජනවාර්ගික පදනමක් මත උතුරු පළාතේ ගුරුපත්වීම් ලබාදීමට කටයුතු නොකරන බවත් කිසිවෙකුට අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අද (6) පාර්ලිමේන්තුවේ දී උතුරු පළාතේ කොන්ත්‍රාත්,ස්වෙච්ඡා ගුරුවරු ස්ථීර කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    උතුරු පළාත් වල සේවය කිරීමට කැමැති ගුරුවරු නොමැතිවීමත්,පත්වීම් ලද ගුරුවරු වැඩ බාර නොගැනීමත් එම ප්‍රදේශවලින් ගුරු පුරප්පාඩු පිරවීමට සුදුසුකම් ලත් පිරිස අඩුවීමත් යන කරුණු මත මෙම ප්‍රදේශවල කොන්ත්‍රාත්,ස්වේච්ඡා සහ අර්ධකාලීන පදනම යටතේ ගුරුවරු සේවයේ යොදවා තිබෙනවා.

    මෙමකරුණ සළකා බලා අමාත්‍ය මණ්ඩලය විසින් උතුරු පළාතේ ස්වෙච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ මූලික සුදුසුකම් සපුරා ඇති වසර තුනක අඛණ්ඩ සේවයක් සහිත ගුරුවරු සේවයට බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා.

    ගුරු සේවයට සුදුසුකම් ලත් 339ක් සිටියා. ඒ අනුව මා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින්  සේවා කාලය දිනය දීර්ග කිරීම නිසා සුදුසුකම් ලත් සංඛ්‍යාව 676 දක්වා වැඩි වුණා.දැනට උතුරු පළාතේ කොන්ත්‍රාත් පදනමින් වැඩ කරන ගුරුවරු සංඛ්‍යාව 167ක්.මේ ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහනය කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා.අමාත්‍ය මණ්ඩලය එම යෝජනාව අනුමත කර තිබෙනවා. ඉදිරියේ දී ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය වීමට නියමිතයි. මේ ගැටළුවේ සියළු පාර්ශයන්ට සාධාරණයක් ලැබෙන ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

    කිසිදු ජනවාර්ගික පදනමක් මත උතුරු පළාතේ ගුරුපත්වීම් ලබාදීමට කටයුතු නොකරන බවත් කිසිවෙකුට හෝ අසාධරණයක් සිදු වී තිබෙනම් ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙන බවද අග්‍රාමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya