ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව විජයරාජපුර මහාවිද්‍යාලයට නව ඉගෙනුම් මධ්‍යස්ථානයක්

    සැප්තැම්බර් 08, 2017

    පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයට ඊයේ (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

    පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලය වෙත ඊයේ ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    අනතුරුව සිසු දරුවන්, දෙමාපියන් ඇතුථ පැමිණ සිටි ප්‍රදේශවාසී ජනතාව සමග ද සුහද කථා බහක නිරත විය.
     
    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ රුක් රෝපණයක් ද සිදු කෙරිණි.

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ හේරත් බණ්ඩා, සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුථ ප්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පති සනත් විජේසිංහ මහතා ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර රුපියල් මිලියන 15 ක වියදමින් ඉදිකෙරුණු ඕනෑගම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    සමරු ඵලකය නිරාවරණය කර නව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුථ පිරිසක් එම අවස්ථාවට  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya