ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට

    සැප්තැම්බර් 08, 2017

    පෞද්ගලික මන්ත්‍රී යෝජනා හතක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබාදීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා- මහනුවර නගරය තුළ මාර්ග තදබදය අවම කිරීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා- නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා- රැකියා ලක්ෂ දහයක් ලබාදීමේ ව්‍යාපෘතියේ දී උතුරු හා නැඟෙනහිර පළාත්වල තරුණ තරුණියන් සඳහා ප්‍රමුඛතාවය ලබාදීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂර ඉඳුනිල් අමරසේන මහතා- කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේජ් ක්‍රමය නවත්වාලීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය- විශ්වවිද්‍යාල හා අනෙකුත් සියලුම උසස් අධ්‍යාපන ආයතනවලට විශේෂ පුහුණුවලත් මානසික උපදේශකවරු හෝ අනුශාසකවරු පත් කිරීම

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා- යුද්ධය නිසා දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම සඳහා අනුස්මරණ ස්මාරකයක් තැනීම සහ සිහිපත් කිරීම සඳහා පොදු දිනයක් වෙන් කිරීම

    යන මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya