ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඌවේ ජනතාව මුහුණු දී ඇති ගැටළු විසදීමේ වැඩපිළිවෙල රජය සතුයි- අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා

    සැප්තැම්බර් 08, 2017

    ඌවේ ජනතාව මුහුණු දී ඇති ගැටළු විසදීමේ වැඩපිළිවෙලක් රජය සතුව පවතින බව  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    ක්‍රියාත්මක වීමට නියමිත සීනි කර්මාන්තශාලාව නිසා ඇතිමලේ, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ  ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන හා වැව් ඉඩම් හානියට පත්වන බවත් මෙයින් හානියට පත්වන ගොවීන්ට සහන සළසන ලෙසත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

    අපි දැනටමත් මොරාණ තල්පිටිවෙල, බදුල්ල දිස්ත්‍රික්කය, කළුගල් ඔය, මහා වරි ව්‍යාපෘති අවසන් වෙමින් පවතිනවා. සියලු වන්දි මුදල් ගෙවලා, ජනතාවට සහන සැලසුවා.මේ සියල්ල කළේ, යහපාලන ආණ්ඩුවයි. සියලු ස්ථාන පරික්ෂා කළා.

    ගැටළු හඳුනාගත්තා. දිසාපතිවරු හරහා ක්‍රියාත්මක කරන්න පටන් ගට්ටා. යහපාලනයට වැඩපිළිවෙලක් තිබෙනවා. ඌවේ ජනතාව මුහුණු දී ඇති ගැටළු විසදීමේ වැඩපිළිවෙලක් රජය සතුයි.  රජය හැටියට වගකීමක් තිබෙනවා.  ඒ අනුව ක්‍රියා කර තිබෙනවා. අපි පුළුල් ලෙස සාකච්ඡා කළා. ප්‍රදේශයේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සඳහා මදිහත් වීම කරනවා. අපි වාරිමාර්ග අධ්‍යක්ෂක,මොණරාගල වාර්තාවක් ඉල්ලුවා. කඩාකප්පල්කරි වැඩපිළිවෙලක් තියෙනවා.රජය ජනතාවගේ වගකීම අරගෙන  තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya