ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමේ

    සැප්තැම්බර් 09, 2017

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017  සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08)  නෙළුම්පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත්ව  පැවැත්වුණි.

     ඒ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ කතානායක කරු ජයසූරිය මහතා, අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු මහාචාර්යවරු, ලේඛක ලේඛිකාවන් එක්ව සිටියහ.

    මෙහිදී සාහිත්‍ය කෘති 1600 ක් අතුරින්  160 දෙනකුගෙන් යුක්ත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන් යුතු සමීක්ෂණ මණ්ඩලයක් විසින් සම්මානලාභීන් තෝරා පත් කරගෙන ඇත.

    ජින් අර්සනායගම් (ඉංග්‍රීසි මාධ්‍ය), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල මාධ්‍ය), නීර්වේ පොන්අයියන් (දෙමළ මාධ්‍ය) යන සාහිත්‍යධරයින් තිදෙනා සාහිත්‍යරත්න සම්මානයෙන් ද පිදුම් ලැබූහ.

    මෙහිදී විෂය ක්ෂේත්‍රයන් යටතේ  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  භාෂා ත්‍රිත්වයෙන් යුතු විවිධ විෂයක ග්‍රන්ථ සඳහා සම්මාන පිරිනැමුණි.

    හොඳම ස්වතන්ත්‍ර නවකතාව ලෙස කීර්ති වැලිසරගේ  ගරුඬ මුහුර්තය කෘතිය
    හොඳම ස්වතන්ත්‍ර  කෙටිකතාව ලෙස ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෘතිය
    හොඳම ස්වතන්ත්‍ර පද්‍ය ලෙස ලක්ශාන්ත අතුකෝරලගේ සමහර කමටහන් කෘතිය
    හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය කුලරත්න ආරියවංශගේ පිනිබර මලක් කෘතිය
    හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය අනුලා ද සිල්වාගේ රාමා හා දිනූ කෘතිය
    හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය ජයලත් මනෝරත්නගේ හඬ නිහඬ කෘතිය
    හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය ලෙස හසිනි භාග්‍යා රත්නායකගේ සැඟවුණු ලොවක හුදෙකලා ගවේෂණය කෘතිය
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය ලෙස සිබිල් වෙත්තසිංහගේ අවුරුදු කෑම කෘතිය
    හොඳම ළමා සාහිත්‍ය කෘතිය ලෙස තනුජා එන්.අයගමගේ මගේ ගුරුතුමා කෘතිය
    හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය ලෙස දිල්හාන් මනෝජ් රාජපක්ෂගේ සංශයවර්ත කෘතිය
    හොඳම පරිවර්තිත නවකතා ලෙස ආනන්ද අමරසිරිගේ නොමේරු තරුණයෙක් කෘතිය
    හොඳම පරිවර්තිත කෙටිකතා ලෙස චන්දන මෙන්ඩිස්ගේ වෙස්මුහුණ කෘතිය
    හොඳම පරිවර්තන නාට්‍ය වෝල්ටර් මාරසිංහගේ ශ්‍රී හර්ෂදේවි රචිත රත්නාවලී නාටිකා
     
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබුණි.

     

     

    01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya