ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය - ජනපති

    සැප්තැම්බර් 10, 2017
    වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දිඹුලාගල, මීවත්පුර, සඳරැස්ගම ආදර්ශ ගම්මානය ඊයේ (09) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.
     
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නංවා තිබෙන සැමට සෙවණ, ජාතික නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 40 වන ආදර්ශ ගම්මානය සඳරැස්ගම ආදර්ශ ගම්මානයයි. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිවූ 04 වන ගම්මානය වන අතර දිවයින පුරා ගම්මාන 454 ක වැඩකටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
     
    සමරු ඵලකය නිරාවරණය කර නිවාස 34 කින් යුත් සඳරැස්ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි පළමු නිවස ද නිවාසලාභීයා වෙත පවරා දෙනු ලැබීය.
     
    මේ අතර මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව සංවිධානය කර තිබූ ඡායාරූප ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
     
    අනතුරුව පැවති උත්සව සභාවේදී සෙසු නිවාසලාභීන් වෙත නිවාසවල යතුරු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    සඳරැස්ගම ආදර්ශ ගම්මානයේ සමරු ප‍්‍රකාශනය හා 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
     
    මෙම උත්සවයට සමගාමීව විසිරි නිවාස ණය ප‍්‍රදානය, ශිල්ප සවිය යටතේ පුහුණුව ලබන අභ්‍යාසලාභීන් වෘත්තීය උපකරණ කට්ටල ප‍්‍රදානය, ඇස්කණ්ණාඩි ප‍්‍රදානය, හොඳම ගෙවතු වගාවන් සඳහා තිළිණ ප‍්‍රදානය ආදී වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කෙරිණි.
     
    වැලිකන්ද සහ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිවසක් ඉදිකරගැනීම සඳහා ඉඩමක් නොමැති පවුල් 1850 ක් වෙනුවෙන් ලබන ජනවාරි මාසය වන විට ඉඩම් ලබාදීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම සිදු කරන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරාළ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya