ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජන මණ්ඩලයට වසර 40 ක් සැපිරීම සැමරේ

    සැප්තැම්බර් 16, 2017

    සෘජු විදේශ ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යගත කේන්ද්‍රය ලෙස ස්ථාපිත ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ හතළිස් වසරක අභිමානවත් සැමරුම් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) කටුනායක අපනයන සැලසුම් කලාපයේදී පැවැත්විණි.

    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අනුරුවක් ද අපනයන සැලසුම් කලාපයේ දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    එමෙන්ම තෝරාගත් ආයෝජකයින් 40 දෙනෙකු වෙත විශිෂ්ඨතා සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු විය. රැකියා උත්පාදනය, ලංකා ආර්ථිකයට මෙම ආයෝජකයින් දක්වා ඇති දායකත්වය සහ ආයෝජන වටිනාකම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    ඊට සමගාමීව දිගුකාලීන සේවා දායකත්වයක් දක්වා ඇති ආයෝජන මණ්ඩලයේ සේවක සේවිකාවන් ද ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්විණි.

    ආයෝජන කලාපය තුළ ඇති කර්මාන්තශාලා පිළිබඳව දත්ත ඇතුළත් මෘදුකාංගය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අමාත්‍ය මලික් සමරවික‍්‍රම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍රර රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ පැරණි සහ වත්මන් සේවක සේවිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya