ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කරනවා

    සැප්තැම්බර් 19, 2017

    මෝටර් වාහන (සංශෝධන ) පනත මඟින් රියදුරන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකියාව ලැබෙන බවත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19) මේ බව පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මෝටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.

    සෑම අංශයක ම ගුණාත්මක සේවා ලබාදීමට පෙර පැවැති නීති ප්‍රමාණවත් වෙන්නේ නෑ.සමහර නීතිවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගන්න හැකි වුවත් ඇතැම් ඒවාගෙන් අරමුණු ඉටු කරගන්න හැකි වී නෑ. ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.

    අපේ රටේ බොහෝ නීති ප්‍රවාහන ක්ෂේත්‍රයේ හඳුන්වා දී තිබුණත් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.ඊති නියාමනය කරන ආයතන මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා.

    අද අපේ රටේ ප්‍රවාහනය ජන ජීවිතයට අත්‍යාව්ශ්‍ය කරුණක්. දෛනික වියදමේ යම් කොටසක් ප්‍රවාහනයට වියදම් කරනවා. සෑම පුද්ගයකුට ම පවතින තරඟාකාරීත්වය සමඟ, අවශ්‍යතාවන් සමඟ ප්‍රවාහනය වැදගත් සාධකයක්. අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය වෙනුවෙන් කරන ලද ආයෝජනය ප්‍රවාණවත් ද කියලා ස්වයං විවේචනයක් කළ යුතුයි. රජය පොදු ප්‍රවහනය වෙනුවෙන් දැනට වඩා ප්‍රතිපාදන වෙන් කිරීමට අවධානය යොමු කිරීම වැදගත්.

    මේ තත්ත්වය ගැන දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි. දැනට වඩා පොදු ප්‍රවාහනයට අවධානය යොමු කළ යුතුයි.බස් හිමියා ශක්තිමත් කරමින්, ලංගමය ශක්තිමත් කරමින් රජය යොදන මුදලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම වැදගත්.අන්තරාදායක වහන සම්බන්ධයෙන් මෙතෙක් නීති රීති තිබුණේ නෑ.මේවා පිළිබඳ ප්‍රමිතියක් ඇති කළ යුතුයි.මේ සංශෝධන මඟින් රියදුරන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකියාව ලැබෙනවා. මේ නීති රීති ක්‍රියාත්මක කරන නියාමනය කරන ආයතන  මේ නීති උපරිම ආකාරයට ආයතන ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya