ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා නියෝජනය සියයට 25%ක් කිරීම කාන්තාව ලැබූ ජයග්‍රහනයක්- රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

    සැප්තැම්බර් 20, 2017

    පළාත් සභාව තුළ කාන්තා නියෝජනය සියයට 25%ක් කිරීම රජය සහතික කර තිබෙන බවත් එය කාන්තාවන් ලැබූ ජයහ්‍රහනයක් බව නගර සැලසුම් හා ජාල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරිය අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    ශ්‍රී ලාංකික කාන්තාවගේ ජයග්‍රහනයක්. පළාත් සභාව තුළ කාන්තා නියෝජනය සියයට 25%ක් කිරීම රජය සහතික කර තිබෙන බව සතුටින් ප්‍රකාශ කළ හැකියි. කාන්තාවට කිසිදු බාධාවකින් තොරව සහභාගී වීමට ඊට ඉඩකඩ ලැබෙනවා.

    එදා අපි කිව්ව දේ ඇසුවේ නෑ. කාන්තා නියෝජනය 25%ක් ලැබීම කාන්තව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ලැබූ ජයග්‍රහනයක්. සුදුසුකම් තිබෙන දක්ෂ කාන්තාවන් රටේ සිටින බව කිව යුතුයි. කාන්තාව සිටිනවා තීන්දු තීරණ ගන්න හැකි තැන් වල.ඉහළ තලයේ රැකියාවල කාන්තාව නියැලෙනවා.හොඳ ශක්තිමත් කාන්තාවන් 13ක් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔවුන් නිකම් ම සාරි පොටවල් නොවේ යැයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya