ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ ඇ.එ.ජ.යේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්

    සැප්තැම්බර් 24, 2017

    ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දුගීභාවයෙන් රට නිදහස් කරගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන  මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම, උසුලන්නට බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම යන කාර්යයන් සඳහා පසුගිය වසර දෙකහාමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවර කුවින්ස් බෞද්ධ විහාරස්ථානය (Queens Temple)  ගිය ජනාධිපතිතුමා එය වැදපුදා ගැනීමෙන් අනතුරුව මෙම හමුවට එක්විය.

     කුවින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ සිදුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    ධර්මධර විනයධර මහා සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වන කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සිදුකරන මහගු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා උන්වහන්සේ බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ගෞරවයට ලක්වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් බවද ප්‍රකාශ කළේය.

    මහා සංඝ රත්නය ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලාද  ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya