ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඇමෙරිකානු සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

    සැප්තැම්බර් 25, 2017

    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවූ තුන්වන අවස්ථාව මෙය වන අතර, රටක් ලෙස අප අනුගමනය කරන ප‍්‍රතිපත්ති ඉතා ඝෘජු ලෙස මෙහිදී ජනාධිපතිතුමා ලෝක නායකයින් හමුවේ ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා සැසිවාරයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 17 වනදාය. 18 වනදා උදෑසන නිව්යෝර්ක් නුවරට ළගා වූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ආර්ථික හා සාමාජීය සභාවේ සැසිවාරයට ද එක් විය.

    එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෙන්ම, ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නායකයෝ එම සමු`ථවට එක්ව සිටියහ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය ආරම්භ වූයේ ඉකුත් 19 වනදා පෙරවරුවේය. සැසිවාරයේ ආරම්භක දිනයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සැසිවාරය ඇමතූ අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එදින පස්වරුවේම සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළේය.

    ජනාධිපතිතුමා සිය කථාව ආරම්භයේදීම තමා ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ගතවූ වසර දෙක හමාරක කාල වකවානුව තුළ ඉටුකළ පියවර පිළිබඳ ලෝක නායකයින් දැනුවත් කළ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට, සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳව ද ලෝක නායකයින් දැනුවත් කළේය.

    එහිදී ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි ලෙස ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 62 ක කාලය සලකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්තීන්ට, එකඟත්වයන්ට හා නීතිරීතිවලට අනුගතව කටයුතු කර ඇති බවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාව ඉදිරියේදී එම මගෙහිම ගමන් කරනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එහිදී රටක් ලෙස අප කටයුතු කරන්නේ රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය සුරකිමින් වන බව ද අවධාරණය කළේය.

    නිදහස් හා සාමකාමී රටක් ලෙස සාර්ථකව සෙමින් ඉදිරියට යන අපේ ගමනට සහාය වන ලෙස ද මෙහිදී ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා තම රට වගකීම් සපුරාලනු ලබන්නේ අන්තවාදීන් අපේක්ෂා කරන ආකාරයට හෝ ඔවුන්ට අවශ්‍ය වේගයට නොවන බව ද අවධාරණය කළේය.

    සැසිවාරය පැවති දිනයේ දහවල් එයට සහභාගීවූ රාජ්‍ය නායකයින් සඳහා එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියේ ගුටෙර්ස් මහතා විසින් පවත්වන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා එක් විය.

    රාජ්‍ය නායකයින් සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පවත්වන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහය ද එදින පැවැත්විණි. ඊට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ද එක් විය.

    සිය ඇමෙරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීමට පමණක් සීමා නොකළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නායකයින් කිහිප පළක් සමගම ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

    පාකිස්ථාන අගමැති ෂහීඩ් ඛාන් අබ්බාසි, නේපාල අගමැති ෂර් බහුදුර් සියාබා යන මහත්වරුන් මෙන්ම ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීය.

    එමෙන්ම ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අතර පැවති හමුව සුවිශේෂී වූ අතර ශී‍්‍ර ලංකාවේ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැක බලා ගැනීමට ඉදිරි වසරේදී ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී මහකොමසාරිස්වරයා වෙත ආරාධනා කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියේ ගුටරෙස් මහතා අතර හමුව පැවැත්වුණේ 23 වනදා පස්වරුවේය.

    එහිදී ජගත් මහලේකම්වරයා අවධාරණය කළේ, සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට ශී‍්‍ර ලංකාවට සෑම සහයක්ම ලබාදෙන බවයි.

    ජනාධිපතිතුමා සහ එක්සත් රාජධානියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් ද එදින පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ මාතෘභූමියේ සමෘද්ධියත් සහජීවනයත් වෙනුවෙන් මෙතෙක් රජය කළ කැපවීම්වල සාර්ථක ප‍්‍රතිඵල අද ලැබී තිබෙන බවයි.

    නිව්යෝර්ක් නුවර කුවීන්ස් බෞද්ධ විහාරස්ථානය ද වැඳපුදාගත් ජනාධිපතිතුමා කුවීන්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ සිදුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශී‍්‍ර ලංකා රජය විසින් පරිනමන ලද උපහාර සන්නස්පත‍්‍රය ද පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya