ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සාමකාමී රටක් හා සාමකාමී ලොවක් සඳහා උදර්පන නීතිය ප්‍රයෝජනවත් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 26, 2017

    සාමකාමී රටක් හා සාමකාමී ලොවක් සඳහා උදර්පන නීතිය ප්‍රයෝජනවත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) පාර්ලිමේන්තුවේ දී උදර්පන පනත යටතේ නියමය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.

    යම් රටක වැරද්දක් කළ යම් රටක නීතිය මඟහරිමින් සිටින අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව උදර්පන නීතිය මඟින් සිදු කරගන්න පුළුවන්. ඒ තුළින් අපිට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට පුළුවන්.

    නීතියේ අධිපත්‍ය ආරක්ෂා කරනන් පුළුවන්. ශ්‍රී ලංකාව උදර්පන නීතිය සම්බන්ධයෙන් රටවල් කීපයක් සමඟ ගිවිසුම් ඇතිකරගෙන සිටිනවා.මේ රටවල විවිධ වැරදි කර  විවිධ චෝදනා ලබා ඒ රටවල සැගව සිටින පුද්ගලයන්  හා එම රටවල පුද්ගලයන් අප රටේ සැගවී සිටිනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

    රාජ්‍ය තාන්ත්‍රික මාර්ග උපයෝගි කරගනිම් මෙම කරන වැඩපිළිවෙලින් අපරාධ මර්දනය කළ හැකියි.  සාමකාමී රටක් හා සාමකාමී ලොවක් සඳහා උදර්පන නීතිය ප්‍රයෝජනවත් වෙනවා . මෙම උදර්පන නීතිය මඟින් දේශපාලන හේතු මත රැදී සිටින හා රැකවරණය පතා සිටින අයට බලපෑමක් හෝ තර්ජනයක් ඇතිවන්නේ නෑ. උදර්පන නීතිය අනුව ගිවිසුම් රටවල් ගණන වැඩි කිරීමට වැදගත් වෙනවා. උදර්පන නීතිය රටේ නීතිය සාමයට ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න හැකි වෙනවා. ඉදිරියේ දී තවත් රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya