ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උදර්පන පනත නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ රටවල් සමඟ ඉදිරියේ දී කටයුතු කරනවා

    සැප්තැම්බර් 26, 2017

    උදර්පන පනත නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ රටවල් සමඟ ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

     

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (26) පාර්ලිමේන්තුවේ දී  උදර්පන පනත යටතේ නියමය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    යම් රටක වරදක් කරලා තවත් රටක ගිහිල්ලා සැගවී සිටිනවා. මේක පුරුද්දක් වෙලා. එහිදී මේ උදර්පන නීතිය වැදගත් වෙනවා. යම් රටක් සම්බන්ධයෙන් හෝ ඒ රටේ නීතියට බලපාන වරදක් කර තිබෙනවා නම්, එවැනි අයට පනත ක්‍රියාත්මක කරන්න බෑ. නොයෙක් වැරැදි කරලා, ජාත්‍යන්තරයේ ඉදලා මේ නීතිය හමුවට එන්නේ නැතිව ඉන්නවා. සරණාගතයින් හැටියට හරි ඇවිත් ඉන්න අයගෙන් ඒ රටේ වරදක් නිස අවශ්‍ය පුද්ගලයෙකු නම් අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. උදර්පන පනත  නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ රටවල් සමඟ අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya