ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ළමා දිනය යොදාගත යුත්තේ දැහැමි සමාජයක් ගොඩනැගීමට - ජනපති

    ඔක්තෝබර් 02, 2017

    මිනිස් ජීවිතවලට රුපියල් ශතවලින් වටිනාකමක් ලබාදී තිබෙන වාණිජ සමාජය තුළ ලෝක ළමා දිනය යොදාගත යුත්තේ දරුවන් වෙනුවෙන් දැහැමි සමාජයක් ගොඩනැගීමට බව ජනාධිපතිතුමා පවසයි.

    අද රුපියල් ශත හමුවේ දරුවන්ගේ ජීවිත අසරණවී තිබෙන අතර මුදල් පසු පස හඹා යන සමාජය අධ්‍යාත්මයෙන් සුවපත් කර දරුවන්ට ආදරය කරන සහ මනුෂ්‍යත්වය අගයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා ඒකරාශිවීම යුගයේ අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ (01) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ළමා ප‍්‍රසංගයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

    කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ කුසලතාවයන් එළිදැක්වීම වෙනුවෙන් නාගරික සංවර්ධනය අධිකාරිය විසින් “සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” තේමාව යටතේ මෙම ප‍්‍රසංගය සංවිධානය කර තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දැයේ දරුවන්ට ලබාදිය හැකි අගනාම සම්පත දැනුම සහ අධ්‍යාපනය වන අතර ඒ හා සමගාමීව දරුවන් තුළ විනය, හැදියාව සහ මිනිස්කම ද ගොඩනැගිය යුතු බවයි.

    දරුවාට පාසල තුළ දැනුම සහ අධ්‍යාපනය ලබාදෙනවා සේම විනයෙන් සහ හික්මීමෙන් යුත් දරු පරපුරක් බිහි කිරීමට ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සමාජයේ වගකිවයුතු සියලුදෙනා තම වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොළඹ නගරය භෞතික වශයෙන් ලස්සන කළ අය එක් එක් යුගවල කොතෙකුත් සිටියත්, එහි ජනතාවගේ ජීවිත ලස්සන කිරීමට ඒ කිසිවෙකුට නොහැකි වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවැනි වැඩසටහන් තුළින් එම දරුවන්ගේ ජීවිතවලට නව අරුණාලෝකයක් උදාවනු ඇති බව ද කියා සිටියේය.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු කොළඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya