ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70යි..! අභිමානවත් විශේෂ සභාව අරම්භ වෙයි

    ඔක්තෝබර් 03, 2017

    ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    කතානායක කරූ ජයසූරිය මහතා මූලාසනයට පැමිණි අතර සභාවේ කටයුතු ආරම්භ විය.

    විශේෂ සභාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන්, සාර්ක් කලාපයේ රටවල් නියෝජනය කරන කතානායකවරුන්,නියෝජ්‍ය කතානයකවරුන්, විශේෂ විදෙස් නියෝජිතයන් එක්වී සිටිති.

    එහිදී අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා සහ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya