ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දැන්වත් අපි එකතු වෙලා මේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි

    ඔක්තෝබර් 03, 2017

    නව ව්‍යවස්ථා සකස් කිරිමට සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා. දැන්වත් අපි එකතු වෙලා මේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. 2015 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල පාර්ලිමේන්තුවට ලබාදුන්නා යැයි උසස් මාර්ග හා මහා මාර්ග ඇමැති  සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් සභානායකවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    අද විශේෂ දවසක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව බිහිවෙලා වසර 70ක් වෙනවා. මේ කාලය තුළ විශාල අවස්ථාවන් සිදුවීම් සිදුවුණා. මේ පාර්ලිමේන්තුව  ශක්තිමත් කිරීමට 2015 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල පාර්ලිමේන්තුවට ලබාදුන්නා. එය ලෝකයේ රාජ්‍ය නයකයෙකු තමන්ගේ බලය  පාර්ලිමේන්තුවට ලබාදුන් පළමු අවස්ථාවයි.  එතුමා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට කටයුතු කළා. ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කළා. අගමැතිවරයා අධීක්ෂණ කාරක  සභා හඳුන්වා දුන්නා. අපි  විපක්ෂයේ සිටින විට කාරක සභාවලට ලැබුණු අවස්ථා විරලයි. අගමැතිතුමා අනු කාරක සභා විපක්ෂයේ මන්ත්‍රීන්ටත් අවස්ථාව ලබාදුන්නා.


    තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළා. අපේ යුතුකම වෙලා තිබෙනවා පාර්ලිමේන්තු ශක්තිමත් කිරීම සහ මන්ත්‍රීවරුන්‍ ගේ දායකත්වය ලබා ගැනීමට. නව  ව්‍යවස්ථා  සකස් කිරිමට සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා.  නිදහස ලබන විට අපි ජපානයට විතරයි දෙවැනි වුණේ. එයට හේතු‍වුණේ පක්ෂ දේශපාලනය නිසයි. දැන්වත් අපි එකතු  වෙලා මේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya