ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක නායකත්ව සමුළුව ඇරඹේ

    ඔක්තෝබර් 04, 2017
    එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන "සංචාරක නායකත්ව සමුළුව 2017" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
     
    සංචාරක ක්ෂේත්‍රය හා ඊට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන සියලු නිලධාරින්ගේ සහය ඇතිව ජාතික කතිකාවතක් නිර්මාණය කොට ඒ හරහා කාලෝචිත ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාවට නැංවීම සදහා දායකවීම මෙම සමුළුවේ අරමුණ වන අතර අන්තර්ජාතික පර්යේෂණ පරිසංවිධානය මගින් විද්වතුන් හා වෘත්තීයවේදින්ට පර්යේෂණ පත්‍රිකා හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී සැලසේ.
     
    තෙවන වරටත් පැවැත්වෙන සමුළුව සංචාරක හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර තිබෙන අතර "සංවර්ධනය සඳහා තිරසර සංචාරක ව්‍යාපාරය - ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන" යන තේමාව යටතේ මෙවර එය පැවැත්වේ.
     
    කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් මෙහි ප්‍රථම දේශනය සිදු කරනු ලැබීය.
     
    විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර සංචාරක කර්මාන්තය වෙනුවෙන් අසම සම සේවාවක් ඉටු කළ විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලැබීම ද සිදු කෙරිණි.
     
    ඒ යටතේ ආදිවාසී ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, ජ්‍යෙෂ්ඨ සූපවේදී දිමුතු කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත්හ.
     
    සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya