මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ඔක්තෝබර් 09, 2017

    විසර්ජන පනත් කෙටුම්පත 2018 අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.


    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අයවැය වාර්තාව නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබේ.

    අයවැයට ඇතුළත් කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා ඔක්තෝබර් මස 18 වැනිදා දක්වා භාර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya