ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ෆින්ලන්තයේ දී කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 10, 2017

    කර්මාන්ත, නගර සහ ප්‍රජාවන් සඳහා කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හසල අත්දැකීම් ඇති ෆින්ලන්තයේ ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වූහ.


    09 වන දා සන්ධ්‍යාවේ හෙල්සින්කි නුවර ෆෝටම් කසල විසඳුම් සමාගම් පරිශ්‍රයේ පැවති මේ සාකච්ඡාවේ දී නවීන තාක්‍ෂණය කසල විසඳුම් සඳහා යොදා ගන්නා ආකරය සහ කසල කළමනාකරණයේ නව ප්‍රවණතාවන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.


    ෆෝටම් සමාගම ඔවුනගේ කසල කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණ කාර්යයන් හිදී අනුගමනය කෙරෙන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට ද ශ්‍රී ලංකා දූත පිරිසට අවකාශ ලැබිණ.


    නගර අංශයේ නියෝජ්‍ය සභාපතිවරුන් වූ කල්ලෙ සාරිමා  සහ පසි මික්කොනෙන් යන මහත්වරු මෙහිදී කරුණු පැහැදිලි කළහ. වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්වූහ. අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, දකුණු ආසියාව සඳහා ෆින්ලන්ත තානාපති රූලි සුයික්කනෙන් , දකුණු ආසියා කලාපීය කළමනාකරු පේත්‍රි වනර්  සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ශ්‍රී ලංකා - ෆින්ලන්ත ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ජයන්ත සමරකෝන්, ඇරෝ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ සුරේෂ් සුබ්‍රමානියම් යන මහත්ම මහත්මීහු ද මේ අධ්‍යයන සංචාරයට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya