ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ජනපති ප්‍ර‍ධානත්වයෙන් ඇරඹේ

    ඔක්තෝබර් 14, 2017

    "එක්වෙමු - නැගිටිමු - අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) ආරම්භ කෙරිණි.

     
    අද උදෑසන පුත්තූර්, නිලාවරෙයි ප‍්‍රදේශයේදී පැවති මෙම වැඩසටහන සංකේතවත් කරමින්  පලතුරු පැළ සහ ආහාර භෝග පැළ ගොවීන් වෙත බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    බෝග වර්ග රෝපණය කරන ආකාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර "සිතමු කාන්තා" ගොවි සංවිධාන වැඩපිළිවෙළේ කාන්තාවන් 4000 ක් වෙත සංකේතාත්මකව බීජ වර්ග ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යාපනය දිස්ත‍්‍රික්කයේ වගා ළිං සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 20 ක මුදල සංකේතවත් කරමින් චෙක්පතක් ලබා දීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    කෘෂිකර්මාන්තයට අඩු වියදම් ක‍්‍රමයක් ලෙස සෝලා පවර් හඳුන්වාදීම ද මෙහිදී සිදුවූ අතර  කෙසෙල් කඳන් කපන නවීන යන්ත‍්‍රයක් ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක් වූ ගොවි ජනතාව සමඟ ද සුහද කතාබහක නිරත විය.

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන්, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේසන්,  උතුරු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ශිවකුමාර්, යාපනය දිසාපති එන්. වේදනායගම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya