යාපනය හින්දු විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරා දෙනු ලැබුවේද ජනාධිපතිතුමා විසිනි.
දෙමළ භාෂා දිනය වෙනුවෙන් පැවතී තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් ද, රාජ්‍ය නිළධාරින්, විදුහල්පතිවරුන්, පාසල් දරුවන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















