ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඇසළ මහා පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 16, 2017

    කොල්ලුපිටිය, වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ඊයේ (15) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    වාලූකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු ගණදෙවි දේවාලය අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරුණි.

     

    සධාතුක කරඬුව වැඩම කරවීම නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදුවූ අතර මෙම අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද හිමියන්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya