ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති

    ඔක්තෝබර් 23, 2017
    ශ්‍රී  ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
     
    කැනඩාව, රුසියාව, මාලදිවයින, පකිස්ථානය සහ ඊජිප්තුව සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටිති.
     
    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 
     
    01- Mr. David Mckinnon -High Commissioner of Canada
     
    02- Mr. Yuri B Materiy - Ambassador  - The Russian Federation
     
    03- Mr. Mohamed Hussain Shareef - Ambassador - The Republic of Maldives
     
    04- Gen (Retd) Shahid Ahmed Hashmat-High Commissioner - The Islamic Republic of Pakistan
     
    05- Mr. Hussein EL Saharty- Ambassador - of The Arab Republic of Egypt 
     
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකාවට පත්ව ආ මෙම නව තානාපතිවරු ශ්‍රී  ලංකාව සහ තම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට කැපවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
     
    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya