ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙනේ නව විවෘත කිරීම්

    ඔක්තෝබර් 29, 2017

    පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජ මහා විහාරයේ කඨින පූජාව සහ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ පුණ්‍යෝත්සවය අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    හිමිදිරියේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හිමිපාණන් වහන්සේ සහ දායක මහේල පෙරේරා මහතා විසින් පිළිගනු ලැබිණි.

    අභාවප්‍රාප්ත තම මෑණියන් සිහිගන්වනු වස් මහේල පෙරේරා මහතා සහ දිල්ෂානි විජේතුංග මහත්මිය විසින් විහාරස්ථානය වෙනුවෙන් ඉදිකළ නව වාහල්කඩ ඵලකය නිරාවරණය කරමින් විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

    මෙහිදී විහාරස්ථානයේ දායක විරාජ් කොඩිතුවක්කු මහතා විසින් කඨින චීවරය ජනාධිපතිතුමාගේ සිරස මත තැන්පත් කරන ලද අතර, හේවිසි සහ වෙස් නැටුම් කණ්ඩායම් පෙරටු කොට ගනිමින් ජනාධිපතිතුමා විසින් කඨින චීවරය ධර්ම ශාලාව වෙත රැගෙන එනු ලැබීය.

    විහාරස්ථානය වෙනුවෙන් ඉදිකළ නව සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ද අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජීවන් කුමාරතුංග ඇතුථ මැතිඇමතිවරු ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතා ද විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya