ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගෙන රට ගිනි තැබීමට ඉඩ නොදිය යුතුයි

    ඔක්තෝබර් 31, 2017

    නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් අලුත් ප්‍රවේශයකට ගමන් කළ යුතු බවත් ඒ සඳහා ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බවත් ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගෙන රට ගිනි තැබීමට ඉඩ නොදිය යුතු බව  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

    මේ පිළිබඳව තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. මෙය ශක්තිමත් කරමු.බිල්ලෙක් මවලා පරණ පාරේ යනවා. ෆෙඩරල් පරජය කළ අය ෆෙඩරල් ඉල්ලනවා. මේ ප්‍රශ්නයේ දී ඒකීය වචනය එහෙම තියෙනවා. බුද්ධාගමට තියෙන අයිතිය තිබෙනවා. අපි මැද සොයමු. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. 18 සංශෝධනය හොර පාරෙන් ගෙන්න හදන ය ඉන්නවා. පක්ෂය මතය වෙනුවෙන් පෙනී සිටිමු, නමුත් නම්‍යශීලිවීමට කැමැතියි.මේ රටේ ජාතිවාදය,ආගම්වාදය කරපින්නාගෙන ගිහිල්ල රට ගිනිතියන්න දෙන්න බෑ.

    මෙය අවසාන බස් එකයි. ප්‍රධාන දේශපාලන පක්ෂ ජාතික ප්‍රශ්නයේ දී ෆුට් බෝල් ගැහුවා. මෙය විසඳන්න ඕන. මෙහි දේශපාලන වාසි ගන්නවා නම් අනාගත පරම්පරාවට කරන හානියක්. අපි මේ ගෞරවය අගමැතිතුමට ලබාදෙමු.සියලු දෙනා ඒකරාශීකරගෙන මෙම මෙහෙයුම් කමිටුව කරන්න කටයුතු කළා.මේ ඇතුළේ ලංකා ඉතිහාසයේ දැවැන්ත අවස්ථාවක් උදා වෙලා තිබෙනවා.මේ ප්‍රශ්නය විසඳාගන්න මෙවැනි අවස්ථාවක් පාර්ලිමේන්තුවේ හැදෙන්නේ නෑ. මෙය අවසන් අවස්ථාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya