ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාව පිළිබඳ සමස්ත ක්‍රියාවලියේ දී රජය වගකීමෙන් කටයුතු කරනවා

    ඔක්තෝබර් 31, 2017

    කාලීන අවශ්‍යතාව අනුව රටක ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් ව්‍යවස්ථාව පිළිබඳ සමස්ත ක්‍රියාවලියේ දී රජය වගකීමෙන් කටයුතු කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (31) පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

     

    රට ගැන සිතිය යුතුව තිබෙනවා. අපේ අනාගත පරම්පරාව ගැනත් වගකිව යුතු අවස්ථාවේ කල්පනා කළ යුතුව තිබෙනවා. රටක ව්‍යවස්ථාවක් වෙනස් කළ යුත්තේ පක්ෂයක,පුද්ගලයකුගේ බලය ගැන සිතා නොවෙයි.

    ඉතිහාසයේ කිසි දිනක නැති ලෙසට සැමගේ අඳහස් ලබාගෙන ප්‍රවේශවීම ගැන සතුටු විය යුතුයි. ඉතාම නිවැරැදි පරිපූර්ණ ව්‍යවස්ථවක් හැදීම මින් පෝෂණය වෙනව.පටු දේශපලනය අමතක කර අනාගත පරම්පරව ගැන කටයුතු කිරීම අවශ්‍යයි. ව්‍යවස්ථාව පිළිබඳ සමස්ත ක්‍රියාවලිය තුළ රජය වගකීමෙන් කටයුතු කරනවා.රටපුරා ජනතා අඳහස් ලබාගත්තා. ඉතාම ප්‍රජාතන්ත්‍රියවීම ගැන සතුටු විය යුතුයි. රජය විසින් රටට හානිවන කිසිවක් ව්‍යවස්ථාව මඟින් සකස් කරන්නේ නෑ.පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාව නැති නොකරගමු. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya