ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව පාලනයේ කොටස්කරුවන් වන ක්‍රමයකට අප යා යුතුයි

    නොවැම්බර් 01, 2017

    ජනතාව පාලනයේ කොටස්කරුවන් වන ක්‍රමයකට අප යා යුතු බවද නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතු බවට මතයක් රටතුළ ගොඩනැඟී ඇති බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව විවාදයට එක්වෙමින් අද (01) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

    බලය අහිමිවීමේ බංකොළොත්භාවය අද පාර්ලිමේන්තුවෙන් පිට ගෝරනාඩුවක්,ඝෝෂාවක් බවට පත්වී තිබෙනවා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් සකස් කොට ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක්.ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාඅදය  පැත්තෙන් වැදගත් ක්‍රියාවලියක්.නමුත් සමාජ ආරක්ෂා රැකවරණය තිබිය යුතුයි කියා අපි සිටිනවා. එයින් ආර්ථික දේහය සමාජ දේහය ඉදිරියට ඒවි කියා විශ්වාසයතමයි අපි ඉන්නේ. අපේ රටේ මූලික ලියවිල්ල හරහා රටේ යමතුව තිබෙන යම් යම් ගැටළුවලට විසඳුම් ලැබේවී කියා අප විශ්වාස කරනවා.  නමුත් සභාව අතුළේ යම් යම් හීන් කෙඳිරිලි පමණයි.

    මේ රට යලි බෙදිය යුතු යැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නෑ. දේශපාලනයේ අලුත් තත්ත්වයක් තිබෙන්නේ. ජාතිවාදීන් පරාජයට පත් කළ යුතුයි. සියලු දෙනා ජාතික සමඟිය වෙනුවෙන් එකම තැනකට ය යුතුව තිබෙනවා.යළි ලේ වැගිරීමක් අවශ්‍ය නෑ. ජනතාව පාලනයේ කොටස්කරුවන් වන ක්‍රමයකට අප යා යුතුයි.ඒ සඳහා වූ ප්‍රවේශයක් ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත යුතුයි.කැටපෝලයකින් ගලක් විදගන්න බැරි කෙනෙක් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හදන කෙනෙක් ගැන අපි බිය විය යුතු නැහැ යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya