ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බෞද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීමට කවුරුත් විරුද්ධ වන්නේ නෑ- භීතිකා ඇතිකරන්න සමහරු උත්සහ කරනවා

    නොවැම්බර් 01, 2017

    බෞද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීමට කවුරුත් විරුද්ධ වන්නේ නෑ.භීතිකා ඇතිකරන්න සමහරු උත්සහ කරනවා. ජනතව මුලා කිරීමේ වැඩපිළිවෙලක් යනවා යැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය  රාවුෆ් හකීම් මහතා  පවසයි.


    තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ  යෝජනා පිළිබඳව විවාදයට එක්වෙමින් අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඊනියා දේශප්‍රේමීත්වය ගැන කතා කළ යුතුයි.දේශප්‍රේමීත්වය කියන්නේ තක්කඩීන්ගේ අන්තිම තිප්පොළ කියා තිබෙනවා. වචන තිබුණාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බෙදිය නොහැකි රාජ්‍යක් යැයි කියා තිබෙද්දිත් ඒ ගැන කත කරනවා. ප්‍රශ්නයක් මතු කිරීමට අවශ්‍යතාවක් තිබෙනවාද? ජනතාව අතර වැරදි අවබෝධයක් ඇති කරන්න අවශ්‍යතාවක් තිබෙනවා ද කියලා අහන්න කැමැතියි.

    උතුරු නැඟෙනගිර ඒකාබද්ධ කරන්න ඉඩ දීලා කටවහන්ගෙන ඉන්නවා කියලා ඊනියා නයකයින් කියනවා. මෙවැනි භීතිකා ඇතිකරන්න සමහරු උත්සහ කරනවා. ජනතව මුලා කිරීමේ වැඩපිළිවෙලක් යනවා.
    දැන් අපි පක්ෂ කීපයක් එකතුවෙලා ප්‍රථමවරට දෙමළ ජනතාව පිළිගත් පක්ෂ නියෝජිතයන් සහභාගීවන ව්‍යවස්ථාවක් ලෙස දකින්න ඕන. මේ සඳහා ඉතිහාසයක් තිබෙනවා. බෞද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීමට කවුරුත් විරුද්ධ වන්නේ නෑ. සමානාත්මතාවය පිළිබඳව කතාකිරීමේ අර්ථයක් තිබෙනවා ද? අනෙක් ආගම්වලටත් ගරු කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya