ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වචන කීපයක් අල්ලාගෙන ව්‍යවස්ථා බිල්ලෙක් මවන්න උත්සහ කරනවා

    නොවැම්බර් 01, 2017

    දේශපාලන අවශ්‍යතා ඉටු කරගැනීමට වචන කීපයක් අල්ලාගෙන ව්‍යවස්ථා බිල්ලෙක් මවන්න උත්සහ කරන බවත් රටේ මිනිස්සු ඒවා පිළිනොගන්නා බවත් රජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    තෙවැනි දිනටත් විවාදයට ගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව විවාදයට එක්වෙමින් අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    මෙවැනි අවස්ථාවක් ඉතිහාසයේ දී ලැබුණේ නෑ. අනාගතයේ දීත් ලැබෙන්නේ නෑ.එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව අවබෝධ කර ගෙන තිබෙනවා.නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුවන්නේ ජනතාවගෙන්මයි.

    77 රටේ සුළු ජාතීන්ගේ නිජනය ලැබුණා කියලා හිතන්න බෑ. ඔවුන්ද මේ ක්‍රියාවලියට සක්‍රීයව දායකත්වය ලබාදිය යුතු පුරවැසියා හා ආණ්ඩුක්‍රමය අතර සබදතාවය තීරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

    බලය ඉන්නකොට කතා කල දේ දැන් කරන්නේ. දේශපාලන අවශ්‍යතා ඉටු කරගැනීමට දැන් බිල්ලො මවනවා. සෑම නායකයෙක් ම නව ව්‍යවස්ථා ගේන බව පොරොන්දු වී තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අගමැතිතුමා පංචවිධ ක්‍රියාවලිය තුළින් මේ බව ප්‍රකාශ කර ජනතා වරම දිනා තිබෙනවා.

    වචන කීපයක් අල්ලාගෙන ව්‍යවස්ථා බිල්ලෙක් මවන්න උත්සහ කරනවා. මේ රටේ මිනිස්සු ඒවා පිළිගන්නේ නැ කියා විශ්වාසයි.පෝසත් රටක් කරා ගෙන යන්න සියලු කටයුතු කරමින් සිටිනවා. සියලු පාර්ශවයන්ගේ සහයොලබාගත යුතු වෙනවා.එදහා උතුරේ හා දකුණේ ප්‍රගතිශීලී එකතුවිය යුතුව තිබෙනවා. ජාතියක් ලෙස ඉතාම හොඳ දේ ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya