ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුවේ 1012කට ස්වයං රැකියා උපකරණ කට්ටල

    නොවැම්බර් 05, 2017
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිලාභීන් 1012 දෙනෙකු සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට ඊයේ (04) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවත්විණි. 
     
    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 92 ක් වැය කරමින් මෙම උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
     
    දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ 2017 වර්ෂයේ ප්‍රතිලාභින් 3264 දෙනෙකු වෙනුවෙන් ස්වයං රැකියා උපකරණ කට්ටල ඛෙදාදීම ඉලක්කය වන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 371 කි.
     
    රතු කුරුස සමාජය විසින් දිස්ත්‍රික්කයේ පවුල් 400 ක් සඳහා රුපියල් මිලියන 2.6 ක් පමණ වැය කරමින් ජල පෙරණ කට්ටල ඛෙදාදීමක් ද මෙහිදී සිදු කෙරුණු අතර එය ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
     
    "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන යටතේ පුද්ගලයන් දෙසීය දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 27.2 වැය කරමින් ලබාදුන් වල් මර්දනය කෙරෙන වීඩර් යන්ත්‍ර ඛෙදාදීම සංකේතවත් කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශ්‍රී නිලන්ත, එන්.ඒ සමන්ත යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, රතු කුරුස සංවිධානයේ සභාපති ජගත් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya