ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමයි

    නොවැම්බර් 07, 2017

    රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම බවත් යුක්තියේ පමාව නිමා කිරීමට කටයුතු කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත,අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ  ආරක්ෂා කිරීමේ ( සංශෝර්ධන ) පනත් කෙටුම්පත, අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දීය.


    යුක්තියේ ප්‍රමාදයක් තිබෙනවා. අපරාධ නඩු ප්‍රමාද වෙනවා. නඩු 17,000ක් පමණ නඩු ගොඩගැහිලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම. අධිකරණ නිලධාරීන් වැඩි කිරීම මෙයට ගන්නා එක් පියවරක් පමණයි.

    විවේචන පුද්ගලිකව භාරගන්නවා.පණිවුඩකරුවාට වෙඩි තබීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. අධිකරණය සම්බන්ධ පොදු විවේචනයට සමාජය අවධිවිය යුතුයි. දැන් අපිට පේනවා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. යුක්තියේ පමාව නිමාකිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ පනත් ඉතා වැදගත්. අපරාධ කිරීමට ලැජ්ජාව සහ භය සමාජයෙන් පහව ගිහිල්ලා. ඒ අපරාධකරුවො කල්පනා කරනවා දඬුවම පමා වී ලැබෙනවා කියලා. ධනය හා බලය තියෙන අය මෙහෙම හිතනවා. ආණ්ඩුව එනකම් අල්ලාගෙන ඉන්නවා කියලා හිතනවා. සමාජයක් ලෙස කඩාවැටෙනවා. පොදුවේ යුක්තිය පසිඳලීමට මෙවැනි අණපනත් සම්මත කිරීම කළ යුතුයි. මේ ගන්නා ක්‍රියාමාර්ග ගැන සතුටු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya