ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෝභිත හිමි සැමරීම තවත් එක් සැමරුමකට වඩා ජාතියේ අධිෂ්ඨානය අළුත් වන අවස්ථාවක් - කතානායක

    නොවැම්බර් 09, 2017

    සෝභිත හිමි සැමරීම තවත් එක් සැමරුමකට වඩා ජාතියේ අධිෂ්ඨානය අලුත් වන අවස්ථාවක් මෙන්ම උන්වහන්සේ අප පිටුපසින් සිට අපට මඟ පෙන්වන බව දැනේවි යැයි කතානායකවරයා කීය.

    කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙනුවෙන් පැවැති දෙවන ගුණසමරු උත්සවයට සහභාගී වෙමිනි.

     

    සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

     

    ''සෝභිත නාහිමියන් ජාතියෙන් සමුගෙන දෙවසරක් පිරෙන මේ මොහොතේ උන්වහන්සේ පිලිබද ශ්‍රේෂ්ඨ මතකය අනාගත පරපුරේ ද සිහිවටනයක් බවට පත් කිරීම වෙනුවෙන් ඉදිවන ස්මාරකයට මුල්ගල තැබෙන අවස්ථාවට පැමිණි කෘතවේදී මිනිසුන් වූ ඔබ සැම අද සුවිශේෂී ජාතික යුතුකමක කොටස්කරුවන් වෙනවා. මේ අවස්ථාවට එක්වන ඔබ සැමට මා හිස නමා ආචාර කරනවා.'' යැයි ද කීය.

     

    ''මෙම ස්මාරකය පාර්ලිමේන්තුවට නිතිපතා ඇතුල්වන මන්ත්‍රීවරුන්ට යුක්තිය සාධාරණය පිරි සමාජයක් වෙනුවෙන් කැපවීමේ වගකීම සිහි ගන්වනු ඇත.එමෙන්ම එය මුළුමහත් ජාතියටම යහපාලන මුල ධර්මයන් සිහිපත් කර දෙන ශ්‍රේෂ්ඨ ස්මාරකයක් බවට පත් වනු ඇත. දෙවසරක් ගෙවී ගියද උන්වහන්සේගේ මහා ප්‍රතාපවත් රුව, ස්ථිරසාර හඬ, තියුණු වාග්මාලාව තවමත් අප හදවත තුල ජීවමානව සිටින'' බවත් පැවැසීය.

     

    ''ඒ උතුම් මතකය සමග උන්වහන්සේ තුල තිබූ නිර්මල අරමුණ උන්වහන්සේ පැතූ සමාජය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වගකීම අප උරමත තිබෙන බවත්, සිහි කළ යුතුයි. අද අපි පියවරෙන් පියවර ඒ සඳහා ඉදිරියට යමින් තිබෙනවා.''

     

    ''නමුත්, සෑම වසරකම සෝභිත හිමියන් සමරන මොහොතේ අප එම ගමනේ කොපමණ ඉදිරියට පැමිණ තිබෙනවා ද අපට වැරදුන තැන් මොනවා ද කියලා ආපසු හැරී බලන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න පුළුවන් වේවි.මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමග සමීපව ඇසුරු කරන්නට ලැබීම නිතර උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබීමට හැකිවීම ජීවිතයේ ලද අතිමහත් භාග්‍යයක් ලෙස මම කල්පනා කරනවා.''

     

    ''ඒ සියල්ලටමත් වඩා මට උන්වහන්සේ තුල තැබූ මානව දයාව කරුණාව දැනුනු තැනක් හැටියට උන්වහන්සේ විසින් ගොඩනැගුණු විලච්චිය ඇලපත්ගම ගම්මානය හැදින්විය හැකියි. උන්වහන්සේ වෙනුවෙන් එහි ජනතාවට පිළිසරණක් වන්නට අත්වැල් බැඳගත් සියළුම දෙනා ගෞරවයෙන් සිහි කිරීම මේ මොහොතේ මාගේ වගකීමක්.''

     

    ''එක ශ්‍රේෂ්ඨ මිනිසෙකුට මුළු මහත් සමාජයක් වෙනස් කළ හැකි බවත් එවන් එක් පුද්ගලයෙක් තබන එක් පියවරක් දැවැන්ත ගමනක ආරම්භය වන බවත් උන්වහන්සේ ගොඩනැගූ සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය කදිම උදාහරණයක් බව පෙන්වා දුන් කතානායකවරයා ඒ තුලින් උන්වහන්සේ මේ රටේ ඉතිහාසයට අළුත් පරිඡේදයක් එක් කරනු ලැබු බවද වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya