ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව සඳුදා පාර්ලිමේන්තුවට

    නොවැම්බර් 11, 2017

    වසර 2015 ගිණුම් පිළිබඳ රාජ්‍ය ආයතන 831ක් ඇතුළත් රජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වැනි වාර්තාව ලබන සඳුදා දින (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය  ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.


    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව දන්වා සිටියේ ය.

    එමෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරය සඳහන් කළේ, ''මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ක්‍රියාවලිය මීට පෙර දසක හතර පහ තුළ නිසි ලෙස ක්‍රියාත්මක වී තිබුණේ නෑ. මෙහිදී රාජ්‍ය ආයතන 831ක් විමසුමට ලක් කෙරුණා.වසර 2015 නොවැම්බර් 26 සිට මෙම විමසුම සිදු කළා. පර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම තුළින් මෙම වැඩපිළිවෙල සාර්ථක වුණා. එමඟින් එකවර කිසිදු කොළයක් වැය නොකර ආයතන 831ක තොරතුරු ලබාගැනීමට හැකි වුණා. ආයතන 831ක් එකවර ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථමවරටයි.

    මෙම ක්‍රියාවලිය තුළින් ආයතනවල අඩුපඩුකම් අවම කරගන්න හැකියාව ඇතිවේ යැයි අප විශ්වාස කරනවා.දැන් සෑම රාජ්‍ය ආයතනයක් ම සෘජු ලෙස පාර්ලිමේන්තුවට තොරතුරු තාක්ෂණය මඟින් සම්බන්ධ වී තිබෙනවා. නවීන තාක්ෂණය තුළින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි අරමුණ වන්නේ. මෙම වැඩපිළිවෙලේ දී කිසිදු දේශපාලන මතයක් හෝ දේශපාලන කෝණයක් මත ගිණුම් කාරක සභාවේ කටයුතු කර නෑ.


    මේ අවස්ථාවට එක් වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණය මඟින් ලබාදෙන තොරතුරු හා ලබාදෙන වාර්තාව නිවැරැදිතාවය පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බව සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ලේකම් අනූෂා සූරියප්පෙරුම මහත්මිය ඇතුළු නිලධාරීහූ පිරිසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya