ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සුබසාධනය අයවැයෙන් කප්පාදු කර නෑ - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 11, 2017

    මෙවර අයවැයෙන් සියලු සුබසාධන කප්පාදුවට ලක් කර තිබෙන බවට වැරදි මතයක් රටතුළ ඇතිකරන්න උත්සහ කරන බවත් මෙවර අයවැයෙන් එසේ සිදු නොමැති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින පැවැත්වෙන විවාදයට සහභාගීවෙමිනි.

    අපි සම්පූර්ණ සහයෝගය ලබාදුන්නා.අයවැය සම්මත කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. සැබෑ සාධාරන විවේචන ඉදිරිපත් කරනවා වගේම හොඳ දේවල් දැකිය යුතුයි.

    රටක් ලෙස යම් දියුණුවක් නිදහසින් පස්සේ ලබාගෙන තිබෙනවා. පැවැති රජයන් හොඳ දේවල් ඉදිරිපත් කර තිබෙනවා. තාවකාලික විසඳුම් ලබාදීලා යම් යම් අංශ ගමන් කර තිබෙනවා. ඒ ප්‍රශ අද උච්ඡතම තැනකට ඇවිත්. ඒවට ස්ථීරසාර විසඳුම් ලබා නොදී යන්න බැරිවෙලා තිබෙනවා. කැළි කසළ ප්‍රශ්නය එවැන්නක්. කැළිකසලවලට ස්ථීරසාර විසඳුමක් ලබාදෙන්න හැකියාව ලැබෙමින් තිබෙනවා.

    වර්තමානයට ගැළපෙන පරිදි නීති සංශෝධනය කළ යුතුයි කියලා අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ. පනත් අවලංගු කර නෑ.සමාජය තුළ වැරදි මතයක් තිබෙනවා,කුඹුරු පනත අහෝසි කරනවා,රේගු පනත අහෝසි කරනවා කියලා.

    රටක් ලෙස තවමත් අපේ රටේ ස්වාභාවික සෞන්දර්යෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නෑ. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අයවැය තුළ දීර්ගකාලීන විසඳුම් ලබාදීම සඳහා වැඩසටහන් යෝජනා කර තිබෙනවා,. අයවැය තුළින් මොනම ආකාරයකවත් පුනරාවර්තන, ප්‍රාග්ධන වියදම් අඩු කර නෑ. කලින් දුන් සහනාධාර සුබසාධනය කප්පාඳු කරලා කියලා කියන්න බෑ.වැරදි මතයක් රටතුළ ඇතිකරන්න උත්සහ කරනවා අයවැයෙන් සියලු සුබසාධන කප්පාදුවට ලක් කර තිබෙන බව. එසේ සිදු කර නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya