ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රට ඉදිරියට යන රැකියා අවස්ථා බිහිකෙරෙන අයවැයක්- අමාත්‍ය මහින්ද අමරවීර

    නොවැම්බර් 13, 2017

    රට ඉදිරියට යන රැකියා අවස්ථා බිහිවෙන ජාත්‍යන්තරයට විවර වෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති  සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමිනි.


    සෑම අයෙකුගේම ප්‍රශංසාවට ලක් වෙන අයැවැයක් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙනවා.එතුමාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.එක්සත් ජාති පක්ෂය ගැනත් හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා.අද නාවිකකරණය ගැන කතාබහක් ඇතිව තිබෙනවා.එය සියයට සියයක් විදේශිකයින්ට විවෘත කර ඇති බව කියනවා.දේශිය කර්මාන්ත ධීවර ක්ෂේත්‍රය සඳහා විශාල මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.කුඹුරු වලින් සියයට 55යි වගා කරන්න හැකි වුනේ නියගයක් තිබුණා.

    සහල් රටින් ගෙන්න වෙනවා එදා සහල් ගෙනත් කෝටි ගණන පාඩු වුණා.නියඟය නිසා කෘෂි මෙන්ම ධීවර ක්ෂේත්‍රයටත් හානි වුණා.ආපදා වලටත් අපි ලක් වුණා.මිලියන 30000 වැඩි ප්‍රමාණයක් සහනාධාර දෙන්න විතරක් ලබා දී තිබෙනවා. යුද්ධය වෙනුවෙන් කටයුතු කළ හමුදාව, ජනාධිපතිතුමා පාවාදෙන්නේ නැහැ.මිනි මරපු වෙනත් දේවල් කරපු අය ජනාධිපතිතුමා බේරන්නෙත් නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya