ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විනාශකාරී සංවර්ධනය වෙනුවට තිරසර සංවර්ධනයක් - සූර්ය බලය ශක්තිමත් කරන්න විශේෂ කැපවීමක්

    නොවැම්බර් 16, 2017

    අයවැය හරහා සූර්ය බලය ශක්තිමත් කරන්න විශේෂ කැපවීමක් කර තිබෙන බවත් විදුලි බල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දෙසට යොමු වී ඇති බවත්  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.


    මේ අයවැය කළුතර දිස්ත්‍රික්කයට වැදගත් අයවැයක්. මිල්ලණිය නිදහස් වෙළඳ කලාපය කාර්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස  දියුණු වෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කරන්න රුපියල් මිලියන 2000ක් අයවැයෙන් ලබාදී තිබෙනවා. ආයෝජකයන් ඇවිල්ලා ඉන්නවා. ලෝකයේ පිළිගත් ආයෝජකයන් ඇවිත් ඉන්නවා. මේ සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානයක්  බවට කළුතර පත් කිරීම් අගැන සතුටු වෙනවා.

    මේ අයවැය  විනාශකාරී සංවර්ධනය වෙනුවට තිරසර සංවර්ධනයට කැප වී සිටිනවා. පසුගිය රජය සූර්ය බලශක්ති බලපත්‍ර දුන්නේ දූෂණයට යටත්වයි. සූර්ය බල සංග්‍රාමයෙන් විතරයි   මෙගාවෝට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කර තිබෙනවා. එදා නොරොච්චෝලේ හැදුවේ දූෂිත ක්‍රමවේදයකටයි. මෙගාවෝට් 300ක බලාගාරයක ටෙන්ඩර් අවසන් වෙමින් තියෙනවා. මෙම අයවැය හරහා සූර්ය බලය ශක්තිමත් කරන්න විශේෂ කැපවීමක් කර තිබෙනවා. සියයට 50%ක බදු සහනයක් ලබාදී තිබෙනවා. විදුලි බල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දෙසට යොමු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya