ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට ජල ව්‍යාපෘති තුනක්

    නොවැම්බර් 20, 2017

    උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජල ව්‍යාපෘති තුනක් ක්‍රියාවට නංවා ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.


    ඩයබරා ඇල්ල  ජල ව්‍යාපෘතිය මඟින් ඌමා ඔය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ ග්‍රාම නිලධාරී වසම් 55ක 1,10,000කට ජල අවශ්‍යතාවය සපුරාලීමට බලාපොරොත්තුවන වෙනවා. ජල ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 352ක්. ඒ යටතේ ජල සම්බන්ධතා 1350ක් ලබාදිය හැකියි. හාලි ඇල්ල ව්‍යාපෘතිය උසස් අන්දමේ ජල ව්‍යාපෘතියක්, හැම ජල ව්‍යාපෘතියකට ම ඉලක්කයක් තිබෙනවා.දෙමෝදර ප්‍රදේශයට වෙනම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.


    මකුලු ඇල්ල ජල යෝජනා ක්‍රමයෙන් ජල සම්පාදන 750ක්  ලබාදෙන අතර වෙහෙරගලතැන්න යෝජනා ක්‍රමය ජල සම්බන්ධතා 300ක් ලබාදිය හැකි බව පවසන අමාත්‍යවරයා, කුරුඳුගොල්ල යෝජනාව ද ක්‍රියාත්මක වන බව කීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ,පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya