ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අගමැතිතුමා එඩිතරව කොමිෂමට ඉදිරිපත්වීම අගය කරනවා - මන්ත්‍රී නලින් බණ්ඩර

    නොවැම්බර් 20, 2017

    අග්‍රාමාත්‍යවරයා බැදුම්කර කොමිෂමට එඩිතරව ඉදිරිපත් වී නිර්දෝෂීභාවය පෙන්වූ බවත් මෙවැනි යහපාලන රටක් හැදීම ගැන සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්  බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, අධිකර්ණ අමාත්‍යාංශය වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අද (20) පාර්ලිමේන්තුවේ දීය.

    අයවැය රටට සුවිශේෂයි.ආර්ථික මොඩලය අගමැතිතුමාගේ වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මිල්ලණිය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරනවා. රටට බද්ධ වූ කර්මාන්ත ක්‍රියාත්මක වෙමින් යනවා.

    බී. ඕ. අයි. එක සුබදායි ලෙස දකිනවා. අඩුපාඩු ඇති. සමස්ත නිලධරීන්ට එක් අයකුගේ වරදක් නිසා තලන්න එපා.මේ ආර්ථිකයේ මහමොළකරු  අගමතිතුමා.

    අගමැතිතුමා බැදුම්කර කොමිෂමට ගියා. අගමතිතුමා පුටුවක් එපා කිව්වා. එතුමා පුරවැසියෙක් ලෙස ප්‍රශ්නවලට උත්තර දුන්නා. හිටපු ජනාධිපතිතුමා හිටියා නම් මොන උත්තර දෙයි ද? අනේ හාමුදුරුවනේ කියල කියයි. අගමැතිතුමා පැහැදිළිව ස්ථාවරය ප්‍රකශ කළා. බොහොම එඩිතරව කොමිෂමට ඉදිරිපත්වෙලා නිර්දෝෂීභාවය පෙන්නුවා. එදා පොළොන්ගු කෑවා. ආච්චිලා එස්සරහට දැම්මා. අපේ අගමැතිතුමා කවුරුත් ඉදිරියට දැම්මා. යහපලන ආණ්ඩුවේ අගමතිතුමා උත්තර දීම ගැන සතුටු වෙනවා. අපි මෙහෙම රටක් හැදුවා කියලා. එදා කාන්තාවක් දූෂණය කළ තංගල්ලේ සභාපති සිද්ධිය කොහොමද වුණේ. මඩ ගහන ගොඩාක් අයගේ දේවල් දන්නවා.

    එතුමා කළ ප්‍රකාශ, එතුමාගේ දැනුම පිළිබඳව පෙනුනා. මෙහෙම නායකයෝ ඕන.එහෙම නයකයෙක් තමයි අගමැතිතුමා පත් කළේ. අගමතිතුමා කළ පැහැදිළි කිරීම ගැන අද අපට සතුටුයි.''යැයි මන්ත්‍රීවරයා අගමැතිවරයා බැදුම්කර කොමිෂම ඉදිරියට යෑම පිළිබඳව  සඳහන් කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya