ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීදැයි බැලීමට දුරකතන ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට

    නොවැම්බර් 21, 2017

    බැදුම්කර පරීක්ෂණයේ දී දුරකතන තොරතුරු හෙළිදරව් වීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි සොයා බැලීමට එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    කමිටුවේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ දුරකතන තොරතුරු හෙළිකිරීමෙන් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ(20) සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව නිවේදනය කළේ ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කෙරෙන බවද කතානායකවරයා පැවසී ය.
     

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා- තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැරැදියි කියන එක  වැරැද්දක්.ඇයි මේ තොරතුරු දැනගැනීමට විරුද්ධ වන්නේ. ජනධිපති කොමිෂම කියන්නේ ප්‍රසිද්ධ කොමිෂමක්.

    අමාත්‍ය කබීර් හෂීම් මහතා- දැන් දූෂණ වංචවලට එන්න කිව්වාම ඒවාට හැංගෙනවා. එදා තොරතුරු ඉල්ලුවාම සුදු වෑන් වලින් ඉස්සුවා.


    පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා- රටට ආදර්ශයක් වෙන්න අගමැතිතුමා කොමිෂමට ගියා. පුළුවන්න් නම් මේ අයට යන්න කියන්න
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya