ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2019 අවසානයේ දී මාර්ග කිලෝමීටර් 6886ක් සම්පූර්ණ කරනවා - විශ්වවිද්‍යාල, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන වැඩපිළිවෙලක්

    නොවැම්බර් 21, 2017

    2019 අවසන් වනවිට උතුර නැඟෙනහිර, ඌව, බස්නාහිර, බරහිර, මුළු රටම වෙලාගන්නා මාර්ග කිලෝමීටර් 6886ක් සම්පූර්ණ කෙරෙන බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග  අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    විශ්වවිද්‍යාලවලට ළමයි ගන්නේ ජතිය අනුව නොවෙයි, ලකුණු අනුවයි. විද්‍යා විෂයන් යන්නේ දිස්ත්‍රික් පදනම අනුවයි. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල හිඟයක් තියෙන බව කිව්වා. 4768 පුරප්පාඩු පවතිනව කිව්වා. අනුමත 10865ක තනතුරු තියෙනවා. පුරප්පාඩු පිරවීමට තාවකාලිකව බඳවා ගැනීම් කර තිබෙනවා.


    යහපලන රජයට චෝදනා ආවා නිදහස් අධ්‍යපනය විනාශ කරන්න ආව කියලා. රජයේ විශ්වවිද්‍යාල ආරක්ෂා කරන්න නිදහස් අධ්‍යපනය ආරක්ෂා කරනන්න වැඩපිළිවෙල තියෙනවා. තාක්ෂණික පීඨ හතක්, වෛද්‍ය පීඨ තුනක් හදනවා. මහපොළ ශිෂ්‍යාධාර තවත් 3000කට ලබාදෙන්න පියවර ගන්නවා. දියුණු රටවල් වියදම් කරන්නේ පෞද්ගලික අංශයයි. අපේ රටේ සියයට 95%ක්ම රාජ්‍ය අංශය. පෞද්ගලික අංශය සම්බන්ධ කිරීම වැදගත්. සයිටම් අර්බුදය අවසන් කිරීමට හැකිවුණා. සයිටම් ආයතනය ක්‍රමණුකූලව අහෝසි කරනවා. සමාන්තරව රාජ්‍ය නොවන ආයතනයක් පිහිටුවනවා,පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ඇතිකරනවා.


    අද අධ්‍යාපනයේ දියුණුව ගැන සමහර මන්ත්‍රීවරු කතා කළා. ඒ අය ශිෂ්‍ය ව්‍යාපරය හරහ ශිෂ්‍ය ව්‍යාපරය කඩකප්පල් කළේ. වෛද්‍ය පීඨ වස දැමීම පිටුපස  සිටියේ කවුද? පාර්ලිමේන්තුවෙන් එළියේ ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. පෞද්ගලික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.පෞද්ගලික් අධ්‍යාපනය ශක්තිමත් කරන්න සියලු  දෙනගේම සහාය බලපොරොත්තු වෙනවා.

    මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් තුනක් තියෙනවා. ඒ තුනම කොන්ත්‍රාත් ක්‍රමයට ලබදුන්නේ කැබිනට් අනුමැතිය ඇතිවයි. මේක දළදා වහන්සේ වැඳපුදා ගන්න යන මාර්ගය. 2019 අවසන් වනවිට උතුර නැඟෙනහිර,ඌව ,බස්නාහිර,බරහිර, මුළු රටම වෙලාගන්නා මාර්ග කිලෝමීටර් 6886ක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.පිටරට ළමයි යවන ආයතන 100ක් තියෙනවා.මිලියන 7000ක් වියදම් වෙනවා, ආයතන 26න් පමණක් පිටරට ගිහින් ඉගෙන ගන්න.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි කියන්නේ මෙවැනි මුදලක් රටතුළ රඳවා ගන්නයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya