ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි ඉඩම් අයථා ලෙස ලබා දී නෑ - විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිනවා

    නොවැම්බර් 22, 2017

    කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නොමැති බවත් විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    අපි කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නෑ. මම හෝ ජනාධිපතිතුමා හෝ කිසිදු කෙනෙකුට වාසි ලැබෙන ලෙස ඉඩම් ලබා දී නෑ. චෝදනා එල්ල නොවන ආකාරයට රජයේ ඉඩම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. ''ඉල්ලුවොත් පරාදයි. අල්ලා ගත්තොත් දිනුම්'' කියලා මහවැලි ඉඩම්වලට කතවක් තියෙනවා. මෙය වෙනස් කිරීමට විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා. ඔප්පු ලක්ෂයක් ලබාදෙන ඉලක්කයක් තිබෙනවා. ඔප්පු 18378ක ඉලක්කයක් වළව ප්‍රදේශයේ ලබදීමට හැකි වුණා. නියඟයට,ආපදවට මිලියන 38,000ක් ලබාදුන්නා. වසවිස නැති ගොවිතැන සාර්ථක කර ගන්න වැඩකරගෙන යනවා. ගොවියාට ලබාදෙන සහනාධාර එලෙසටම ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya