ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වයඹ වාරිමාර්ග රැසකට ජලය ලබාදෙනවා - රජය විශල වැඩපිළිවෙලක් පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා

    නොවැම්බර් 22, 2017

    රජය විශාල වැඩපිළිවෙලක් පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක් කර තිබෙන බවත් පළමු වරට මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදෙන වැඩපිළිවෙලින් 86000ක් අවසන් කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මහවැලි සංවර්ධන හා පරිසර, කෘෂිකර්ම, ප්‍රාථමික කර්මන්ත, වාරිමාර්ග යන අමාත්‍යාංශ වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    වයඹට විශාල සේවයක් වී තිබෙනවා. වයඹ වාරිමාර්ග රැසකට ජලය ලබාදෙනවා. ඩොලර් මිලියන 300ක් ලබා දී තිබෙනවා. ජල අර්බුදය අවසන් වෙනවා. පළමු වරට මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදෙන වැඩපිළිවෙලින් 86000ක් අවසන් කර තිබෙනවා.

    පොලිතීන් සඳහා දැවැන්ත තීරණය ගෙන පරිසරයට හිතකර වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. පරිසරය සම්බන්ධයෙන්  විශල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක් කර තිබෙනවා.

    සහල් නිෂ්පදනය ගැන කාරණා ගණනාවක් මතු කළා. කුරුණෑගල දිත්‍රික්කයේ කන්න තුනක් වැඩ කළේ නෑ. සියයට 15%  සහල් ආනයනය කළ ප්‍රමාණය. නියඟය නිසා සහල් නිෂ්පාදනය අඩුවෙල තිබෙනවා. ගංඟාවල දැවැන්ත ජලාශ ඉදිකරන  වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya