ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගංඟා ද්‍රෝණි දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක්

    නොවැම්බර් 22, 2017

    ගංඟා ද්‍රෝණි දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන බව වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.


    රාජ්‍ය අමාත්‍යවරයා අද (22) මේ බව සඳහන් කළේ, වාරිමාර්ග හා ජල සම්පත් කළමනකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය එක්වෙමිනි.

    ගොවිතැන ගැන කතා කරනවා, ගොවීන් අමුඩ ගහලා කොළඹට ගේනවා. එහෙම කරන උදවිය අද සභාවේ නෑ. සක්‍රීය දායකත්වයක් දෙන්න නෑ. ඒ ගැන කණගාටු වෙනවා.

    මුලතිව් සිලාවතුර,මුරුන්කන් ප්‍රදේශය ගැන සඳහන් කළා, මල්වතු ඔය ව්‍යාපාරය තුළින් විදුලි බලාගාරයක් නිර්මානය කිරීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබාදීම කෙරෙන ව්යාපෘතියක් තිබෙනවා.

    යෝධ වැව ඇළ මාර්ගය සංවර්ධනය කරගෙන යනවා.නීල බැම්ම දෙවැඉ අදියර,සෙංගල් ඔය ව්‍යාපාරයට අනුමැතිය ලැබී අවසන්. ජනවරි මස 1 සහ 7 දිනක සෙංගල් ඔය ව්‍යාපාරය සඳහ නැවත අසාර්ථක නොවන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. වැව් 16 ම සංවර්ධනය කරන්නත් කටයුතු කෙරෙනවා.

    ඇලමාර්ග විනාශ කරනවා. වැලි ගන්න ඉවුරු කඩනවා. දැන් මේ තත්ත්ය මත වර්ෂාව ඇත් වුනොත් ඉවුරු කඩවැටෙනවා. නියඟය සමය තුළ වැලි ලබාගැනීමේ බලපත්‍ර නොදීමට තීරණය කරලා තියෙනවා.ජලය ලබා ගැනීමට කිසිම යුද්ධයක් කරන්න අවශ්‍ය වන්නේ නෑ.ඉදිරියේ විශාල වැඩකොටසක් සැළසුම් කර තිබෙනවා. ගොවිය ගැන සිතපු, ගොවිතැන සඳහා උදව් කළ යුතුය යන්න දැක්මක් තියෙන නායකයා අතිගරු ජනාධිපතිතුමායි. ගංඟා ද්‍රෝණී දහයක් ඉදිරියේ දී සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා.

    පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යක් අමුණ ව්‍යාපෘතිය ආරම්භ කරන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා යයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya