ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවීන්ට වගාකිරීමට අවශ්‍ය බිත්තර වී හිඟයකින් තොරව තිබෙනවා

    නොවැම්බර් 22, 2017

    ගොවීන්ට වගාකිරීමට අවශ්‍ය බිත්තර වී හිඟයකින් තොරව තිබෙන බවත් රට තුළම අර්තාපල් බීජ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    කෘෂි කර්ම අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    මේ අයවැය තුළ දක්මක් හා වැඩපිළිවෙලක් තිබෙනවා. අනාගත බලාපොරොත්තුවක් ඇති කරගත හැකි අයවැයක්. මෙය දැක්මක් ,අරමුණක් හා බලාපොරොත්තුවක් තිබෙන අයවැයක්.අනාගත දැක්මක් සහිත වැඩපිළිවෙල සහිත ගොවි පවුල ශක්තිමත් කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශ වැඩ කරලා තියෙනවා.

    නියඟය බලපාලා අපේ වී නිෂ්පාදනය සියයට 50%කින් අඩු වුණා. එදා සහල් තියෙද්දි විශාල ප්‍රමාණයක් පිටරටින් ගෙනාවා. සාර්ථක මහකන්නය සඳහා බුසල් ලක්ෂ 40ක් අවශ්‍යයි. ලක්ෂ තුනක හිඟයක් තිබෙනවා. එය මිලදී ගෙන තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය බිත්තර වී තිබෙනවා. රටට අවශ්‍ය අර්තාපල් බීජ දෙලක්ෂ විසිදහස රට තුළ නිෂ්පාදනය කරන්නේ කොහොමද බැලුවා. මේ වනවිට හරිතාගාර හදලා, අපට පුළුවන් 2019 වනවිට ඉලක්කය සපුරා ගන්න. තවත් හෙක්ටයාරයක හරිතාගාරයක් හදලා ක්‍රියාත්මක කළාම, අර්තාපල් බීජ රට තුළම නිෂ්පාදනය කරන්න හැකි වෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya