ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශිෂ්‍ය උපදේශනයට ගුරුවරු 3000ක් බදවා ගැනීමට කටයුතු කරනවා-විදුහල්පතිවරුන්ගේ දීමනාව වැඩි කළා

    නොවැම්බර් 23, 2017

    ශිෂ්‍ය උපදේශනයට ගුරුවරු 3000ක් බදවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදය පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    අධ්‍යාපන අමාත්‍යාංශයක් ලෙස දැනෙන දෙයක් රටට කළා.පසුගිය කාලය තුළ 2018 විදුලි බලය ලබදීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. වැසිකිළි 27,000ක් හදලා අවසන් වී තිබෙනවා. සියලුම පාසල්වල බීමට ජලය ලබාදීම ලබන වසරේ සියයට සියයකින් අවසන් වෙනවා.

    පන්ති කාමර 5300ක් ඉදිකර තිබෙනවා.ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන 764ක් ඉදිකරමින් පවතිනවා.පාසල් දන්ත් ශෛල්‍ය ඒක්ක 20 ක් අලුති ඉදිකර තිබෙනවා.

    ගුරුනිවාස 130ක් ඉදිකර තිබෙනවා. නව ගුරු පුහුණු මධ්‍යස්ථාන 39ක් ඉදිකරමින් පවතිනවා. පිරිවෙන් සියයක වැසිකිළි ඉදිකර තිබෙනවා.2018 දී අනධ්‍යයන සේවකයින් පුහුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.විද්‍යාපීඨ දීමනව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙනවා.තිබෙනවා.

    මේ රටේ 15,000ක පමණ ගුරුවරු මාරු වෙනවා.එදා නිසි ලෙස ගුරු මාරු සිදු වුණේ නෑ. ඒ කටයුත්ත ආරම්භ කර තිබෙනවා.කාටවත් පෞද්ගලිකත්වයක් නෑ.පසල් දරුවන් අතර කියවීම වැඩිකිරීමට මිලියන 700ක පොත්පත් සුමාන දෙකකින් පාසල් පද්ධතියට ලබදෙනවා.සුරක්ෂා රක්ෂණය මඟින් ලක්ෂ 45ක් වූ සිසු සිසුවියන්ට අපි ලක්ෂ දෙකක රක්ෂණය ක්‍රියාත්මකයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya